Thursday, April 25, 2024

General line - 0115112241

විශ්වාසභංගය පැරදුණු හේතු ජවිපෙ හෙළි කරයි

සමන්ත කුමාර/දිල්ශාන් තුෂාර/ඩිල්ෂාන් මඩවල




විශ්වාසභංග යෝජනාව පරාජය වුවද ජනතාව ඉදිරියේදී පරාජය වන්නේ ආණ්ඩුව බව විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා පවසනවා. ඔහු ඒ බව පැවසුවේ විශ්වාසභංග යෝජනාව පිළිබද ඡුන්ද විමසීමෙන් පසු මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමින්.

විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කළ ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් එහි නායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර අනුර කුමාර දිසානායකද මාධ්‍යවේදීන් වෙත මෙහිදී අදහස් දැක්වුවා.

කෙසේවෙතත් මාධ්‍යවේදීන් වෙත අදහස් දැක්වූ ආණ්ඩුවේ නියෝජිතයන් පැවසුවේ ආණ්ඩුව ශක්තිමත් බව මෙම විශ්වාසභංග යෝජනාවේදීද නැවත තහවුරු වූ බවයි. මේ, අමාත්‍ය ගයන්ත කරුණාතිලක.