Wednesday, April 24, 2024

General line - 0115112241

හෝටලයකට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් මාධ්‍යවේදිනියක් ඇතුළු පුද්ගලයින් 26ක් මරුට (PHOTOS)

දිනුක් හේවාවිතාරණ




දකුණු සෝමාලියාවේ හෝටලයකට ඉස්ලාමිය අන්තවාදී ත්‍රස්ත සංවිධානයක් විසින් එල්ල කරනු ලැබූ ප්‍රහාරයකින් මාධ්‍යවේදිනියක් ඇතුළු පුද්ගලයින් 26 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා. මියගිය පිරිස අතර විදේශිකයින් ද සිටින බව සඳහන්.

දකුණු සෝමාලියාවේ කිස්මායෝ වරාය ආසන්නයේ පිහිටි හෝටලය ඉලක්ක කර ගනිමින් ඉස්ලාමිය අන්තවාදීන් විසින් පළමුවෙන්ම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ඇති අතර ඉන් අනතුරුව තුවක්කුකරුවන් පිරිසක් හෝටලය තුලට කඩා වැදී තිබෙනවා.

සෝමාලියාවේ ජනප්‍රිය මාධ්‍යවේදිනියක් වන හොඩාන් නාලියා සහ ඇගේ සැමියාද, ප්‍රාදේශීය දේශපාලඥයෙක්, කෙන්යානුවන් තිදෙනෙක්, ටැන්සානියානු ජාතිකයින් තිදෙනෙකු, ඇමරිකානුවන් දෙදෙනෙකු සහ එක් බ්‍රිතාන්‍ය ජාතිකයෙකු ද ප්‍රහාරයෙන් මියගොස් සිටින පුද්ගලයින් 26 දෙනා අතර සිටින බවයි වාර්තා වන්නේ.

අල්- කයිඩා ත්‍රස්ත සංවිධානයේ සහයෝගය ලබන අල්-ෂබාබ් ඉස්ලාමිය අන්තවාදී ත්‍රස්ත සංවිධානය මෙම ප්‍රහාරයේ වගකීම භාරගෙන ඇත.