Saturday, April 20, 2024

General line - 0115112241

කතුරු ඔන්චිල්ලාවක් කඩා වැටී දෙදෙනෙක් මරුට (VIDEO)

දිනුක් හේවාවිතාරණ




කතුරු ඔන්චිල්ලාවක් කඩා වැටීමෙන් එහි සිටි පුද්ගලයින් දෙදෙනෙක් මියගොස් එහි සිටි තවත් පුද්ගලයින් 29 දෙනෙකුට තුවාල සිදුවීමේ පුවතක් ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයෙන් වාර්තා වනවා. එරට මාධ්‍ය වාර්තාකර සිටියේ තුවාල ලබා සිටින පිරිසෙන් තිදෙනෙකුගේ තත්ත්වය බරපතළ බවයි.

සිද්ධිය ඇසින් දුටුවන් පැවසුවේ කතුරු ඔන්චිල්ලාව අඩි 20ක් පමණ ඉහළට එසවී තිබියදී එක්වර බිමට ඇද වැටුණු බවයි. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කරන ගුජරාට් පොලිසිය ප්‍රකාශ කර සිටියේ අනතුරට පත්වූ කතුරු ඔන්චිල්ලාවේ කේබලයක් කැඩීයාමෙන් එම අනතුර සිදුව ඇති බවයි.

එම කතුරු ඔන්චිල්ලාව පිහිටි පෞද්ගලික සමාගමකට අයත් විනෝද උද්‍යානයේ භාරකරු ඇතුළු පිරිසක් මේ වන විට ගුජරාට් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර තුවාල ලබා සිටින පිරිසට නොමිලේ වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන ලෙස ප්‍රාන්ත මහ ඇමතිවරයා බලධාරීන්ට උපදෙස් ලබාදී ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටින්නේ.