Friday, April 26, 2024

General line - 0115112241

ජනපතිවරණය කල් දැමීමේ උපක්‍රමයක් ගැන පොහොට්ටුව සැකයෙන්

මහේෂ් චතුරංග




පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා හදිසියේ මතුව ඇති අවශ්‍යතාව ජනාධිපතිවරණය කල් දැමීමේ අරමුණින් සිදු වන්නක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී එල් පීරිස් පවසනවා. එම උපක්‍රමය පරාජය කිරීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගන්නා බවයි මහාචාර්ය ජී එල් පීරිස් අද (15) පැවැති මාධ්‍ය හමුකට එක්වෙමින් කියා සිටියේ. 

ජනාධිපතිවරණය ජය ගැනීමෙන් පසු එළඹෙන අප්‍රේල් මාසයට පෙර මහමැතිවරණයක් පැවැත්වීම සිය පක්ෂයේ අපේක්ෂාව වන බවයි මහාචාර්ය ජී එල් පීරිස් වැඩිදුරටත් කියා සිටියේ. 

සිය පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඔක්තෝම්බර් 8 වනදා එලි දක්වන බවයි මහාචාර්ය ජී එල් පීරිස් මෙම මාධ්‍ය හමුවේදී කියා සිටියේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග පවත්වන සාකච්ඡා අගෝස්තු මස 10 වනදාට පෙර අවසන් කිරීමට අපේක්ෂා කරන බව ද මෙහිදී ප්‍රකාශ කෙරුණා.