Tuesday, December 10, 2019
Hotline - 0770586666

රන්ජන්ගේ ප්‍රකාශයට පාර්ශව රැසකින් විරෝධය

සමන්ත කුමාර

1384Views




මහා සංඝරත්නය විවේචනය කරමින් සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක කළ ප්‍රකාශයට එරෙහිව අදත් පාර්ශව කිහිපයක් අදහස් පළ කළා. සිංහල රාවය සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් පැවසුවේ රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක දින 03ක් ඇතුළත මහා සංඝරත්නයෙන් සමාව ගත යුතු බවයි. 

බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණාසාර හිමියන් පළ කළේ මෙවන් අදහසක්. 

මේ අතර අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් මේ මස 21වනදාට පෙර ලිඛිතව පැහැදිළි කිරීමක් කරන ලෙස දන්වමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක වෙත ලිපියක් යොමු කර තිබෙනවා. රාජ්‍ය අමාත්‍යවරයාගේ අදහස් එක්සත් ජාතික පක්ෂයේ සහ පක්ෂ නායකත්වයේ අදහස් සමග පරස්පර බවත්, අදාළ ප්‍රකාශය තරයේ ප්‍රතික්ෂේප කරන බවත්, අග්‍රාමාත්‍යවරයා යොමු කළ ලිපියේ සඳහන්.