Thursday, April 25, 2024

General line - 0115112241

ඉරාන න්‍යෂ්ටික ගිවිසුම අත්නොහරින්නැයි යුරෝපා නායකයින්ගෙන් ඉල්ලීමක්

පවිත්‍රා මදුහර්ෂනි - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




ඉරාන න්‍යෂ්ටික ගිවිසුම ආරක්ෂා කර ගැනීමට එක්වන්නැයි යුරෝපා සංගමයට අයත් රටවල විදේශ අමාත්‍යවරුන් අදාළ පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටිනවා. බෙල්ජියමේ බ්‍රස්ල්ස් අගනුවරට රැස්වූ එම අමාත්‍යවරුන් අදාළ ගිවිසුම සම්බන්ධයෙන් දීර්ග ලෙස සාකච්ඡා කර ඇති බවයි විදෙස් වාර්තා පැවසුවේ. ගිවිසුම ආරක්ෂා කර ගන්නවා නම් ඒ සඳහා තවමත් අවස්ථාව ඇති බවයි බි්‍රතාන්‍ය විදේශ කටයුතු ලේකම් ජෙරමි හන්ට් පැවසුවේ. ගිවිසුම ආරක්ෂා කර ගැනීමට නම් සමස්ත යුරෝපයම එක්සත්ව සිටිය යුතු බව ප්‍රංශ විදේශ කටයුතු අමාත්‍ය ලී ඩි්‍රයන් ද ප්‍රකාශ කළා. 

2015 දී එළඹි ඉරාන න්‍යෂ්ටික ගිවිසුමෙන් ඉවත්වීම හා ඉරානය ඉලක්ක කර දිගින් දිගටම සම්බාධක පැනවීමට අමෙරිකාව කටයුතු කිරීම හමුවේයි එම ගිවිසුම තවදුරටත් පවත්වා ගෙන යාම සම්බන්ධයෙන් ගැටලු පැන නැගුනේ. අමෙරිකාවේ ක්‍රියාකලාපය හමුවේ තමන් ද ගිවිසුමෙන් ඉවත් වන බව ඉරානය ද පසුගියදා ප්‍රකාශ කළා.