Sunday, August 18, 2019
Hotline - 0770586666

පිලියන්දලදි ඩෙටර්නේටර් 290 සොයාගැනීමේ සිද්ධියට තවත් අයෙක් අත්අඩංගුවට

3018Views

 

 

 

පිලියන්දල, හැඩිගම ප්‍රදේශයේදී විද්‍යුත් ඩෙටනේටර් 290ක් සමග අත්අඩංගුවට ගත් සැකකරුවන් දින තුනක රැදවුම් නියෝග මත වැඩිදුර විමර්ෂණ සිදු කරන බව පොලිසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ පිළියන්දල පොලිස් ස්ථානයේ නිලධාරීන් සහ යුද හමුදාව එක්ව හැඩිගම ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කළ අවස්ථාවේදී එම ඩෙටනේටර් තොගය සොයා ගත් බවයි. 

එම නිවසේ හිමිකරු, ඔහුගේ පුතුන් දෙදෙනා සහ එම ඩෙටනේටර් තොගය ගෙනැවිත් දුන් පුද්ගලයා පසුව අත්අඩංගුවට ගැනුණු අතර සිද්ධියට අවශ්‍ය කර සිටි තවත් සැකකරුවෙකු පිලියන්දල පොලිසියට පැමිණ භාර වීමෙන් පසු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
 

................................................

ඩෙටනේටර් 290ක් සමග පිළියන්දලදී 4 දෙනෙක් අත්අඩංගුවට 

(15-07-2019 21:19)

පිළියන්දල පොලිස් වසමේ හැඩිගම ප්‍රදේශයේ නිවසක තිබී විද්‍යුත් ඩෙටනේටර් 290ක් සමඟ පුද්ගලයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. විද්‍යුත්  ඩෙටනේටර් සඟවා ඇති බවට ලද තොරතුරක් මත පිළියන්දල පොලිසිය සහ යුධ හමුදාව එක්ව එම සැකකටයුතු නිවස අද (15) සවස වටලා සිදුකළ සෝදිසියකදී එම ඩෙටනේටර් තොගය සොයා ගැනීමට හැකිව තිබෙනවා.

එම විද්‍යුත් ඩෙටනේටර් ගෙනවිත් දුන් පුද්ගලයා, නිවසේ හිමිකරු සහ ඔහුගේ පුතුන් දෙදෙනා ආරක්ෂක අංශ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මුලස්ථානය සඳහන් කර සිටියේ.