Thursday, March 28, 2024

General line - 0115112241

හෙරොයින් සහ වෝකි ටෝකි යන්ත්‍රයක් සමග සැකකරුවන් 05ක් අත්අඩංගුවට




කළුතර කොන්ගස් හන්දිය ප්‍රදේශයේදී සැකකටයුතු මෝටර් රථයක් නවත්වා පොලිසිය විසින් සිදුකළ පරික්ෂා කිරීමකදී හෙරොයින් සහ වෝකි ටෝකි යන්ත්‍රයක් සමග සැකකරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බොරැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් බව කියන වයස අවුරුදු 24,28, 32 සහ 33 යන වයසේ පසුවන මෙම සැකකරුවන් පස් දෙනා විවිධ අපරාධ සඳහා බන්ධනාගාර ගතව සිට ඇප මත නිදහස්ව සිටින පුද්ගලයින් බවයි පොලිසිය පවසන්නේ. දැනට බන්ධනාගාර ගතව සිටින සැකකරුවෙකු බැලීම සඳහා ඔවුන් කළුතර ප්‍රදේශයට පැමිණ ඇති බව සිදුකරන ලද ප්‍රශ්න කිරීම් වලදී අනාවරණය වී තිබෙනවා.

මෙම සැකකරුවන් සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 02 මිලිග්‍රෑම් 600ක් වෝකි ටෝකි යන්ත්‍රයක් මුදලින් රුපියල් 80500ක් සහ ඔවුන් පැමිණි මෝටර් රථය පොලිසිය විසින් සිය භාරයට ගෙන තිබෙනවා.