Thursday, April 18, 2024

General line - 0115112241

කේරළ ගංඡා ප්‍රවාහනය කළ පොලිස් කොස්තාපල්වරයෙක් යාපනයේදී අත්අඩංගුවට

මාධව කුලසූරිය -වවුනියාව




වෑන් රථයකින් කේරළ ගංඡා ප්‍රවාහනය කරමින් සිටි පොලිස් කොස්තාපල්වරයෙකු යාපනය චාවකච්චේරි පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ  යුද හමුදා නිලධාරීන් ලබා දුන් තොරතුරකට අනුව සිදු කල වැටලීමකදීයි. සැකකකරු සතුව තිබී කේරළ ගංඡා කිලෝ ග්‍රෑම් දෙකයි ග්‍රෑම් හත්සීයක් සොයා ගෙන ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරු වව්නියාව ඉරට්ටපෙරියකුලම පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරී කළ අයෙකු බවද අනාවරණය වී තිබෙනවා. සැකකාර පොලිස් කොස්තාපල්වරයාගේ වැඩ තහනම් කිරීමට පොලිස් මූලස්ථානය  පියවර ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවා.