Wednesday, April 24, 2024

General line - 0115112241

හක්බෙල්ලන් 3212ක් සමග පුද්ගලයෙකු නාවික හමුදා භාරයට




මන්නාරම ඌරුමලෙයි ප්‍රදේශයේ සිදු කළ වැටලීමකින් හක්බෙල්ලන් තොගයක් සමග සැකකරුවෙකු නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු සන්තකයේ තිබී හක්බෙල්ලන් 3212ක් සොයා ගෙන ඇති බවයි නාවික හමුදාව සඳහන් කළේ.

31 හැවරිදි සැකකරු සහ හක්බෙල්ලන් තොගය වැඩි දුර පරීක්ෂණ කටයුතු සඳහා මන්නාරම  සහකාර ධීවර අධ්‍යක්ෂක කාර්්‍යාලය වෙත භාර දී තිබෙනවා. ධීවර සහ ජලජ සම්පත් පණතට අනුව මිලිමීටර් 70ට වඩා අඩු විශ්කම්බයකින් යුත් හක්බෙල්ලන් සන්තකයේ තබා ගැනීම, මිලදී  ගැනීම, විකිණීම සඳහා ප්‍රදර්ශනය කිරීම, විකිණීම, ප්‍රවාහනය හෝ අපනයනය සම්පූර්ණයෙන්ම තහනම් වනවා.

මන්නාරම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් සැකකරු සතුව තීබී නාවික හමුදා භාරයට ගෙන ඇත්තේද මිලිමීටර් 70ට වඩා අඩු විශ්කම්බයකින් යුත් හක්බෙල්ලන් තොගයක්.