Friday, March 29, 2024

General line - 0115112241

"සෙල්ෆි" ගන්න ගිය තරුණයින් දෙදෙනක් මුහුදට වැටී අතුරුදහන්




උණවටුන, රූමස්සල ප්‍රදේශයේ වෙරළ තීරයේ ගල් පර්වතයක් මතට වී සෙල්ෆි ජායාරුපයක් ගනිමින් සිටි තරුණයින් සිව්දෙනෙක් මුහුදට වැටීමෙන් එම පිරිසෙන් තරුණයින් දෙදෙනෙක් අතුරුදහන්ව තිබෙනවා.

මෙලෙස අතුරුදහන්ව ඇත්තේ වයස අවුරුදු 20 සහ 21 වියේ පසුවන තෙලිකඩ පොලිස් වසමේ ගිනිමල්ලගහ ප්‍රදේශයේ පදිංචි තරුණයින් දෙදෙනෙක්.

අතුරුදහන්වූ තරුණයින් දෙදෙනා සොයා හබරාදුව පොලිසියේ නිලධාරීන් සහ නාවික හමුදාව එක්ව මේ වන විට මෙහෙයුමක් දියත් කර ඇත.