Friday, April 19, 2024

General line - 0115112241

වැටලීමකට ගිය පොලිස් නිලධාරීන් පිරිසකට ප්‍රහාරයක් : දෙදෙනෙක් රෝහලේ




කළුතර, දොඩංගොඩ බෝඹුවල තිත්තවැල්ගොඩැල්ල ප්‍රදේශයේ වැටලීමකට ගිය පොලිස් නිලධාරීන් පිරිසකට ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගැනීමට ගොස් ඇත්තේ මුදල් ඔට්ටුවට සූදූ සෙල්ලම් කළ පිරිසක්. ඒ අවස්ථාවේ එම ස්ථානයේ සිටි පිරිස පලා ගොස් තිබෙනවා.

පසුව අදාළ ස්ථානයේ නවතා තිබූ යතුරු පැදියක් පොලිස් භාරයට ගැනීමට කටයුතු කළ අවස්ථාවේ එම ස්ථානයට පැමිණි පිරිසක් ඊට විරෝධය පා පොලිස් නිලධාරීන්ට පහර දුන් බවයි පොලිස් මූලස්ථානය පැවසුවේ. පහර කෑමෙන් තුවාල ලැබු උප පොලිස් පරීක්ෂකවරයෙකු හා පොලිස් කොස්තාපල් රියදුරෙකු ප්‍රතිකාර සඳහා කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කර තිබෙනවා.