Thursday, April 25, 2024

General line - 0115112241

එංගලන්තය සහ නවසීලන්තය ක්‍රිකට් සම ශුරයින් විය යුතු බව අර්ජුන කියයි

තරංග රුක්ෂාන් ජයසේකර




එංගලන්තය සහ නවසීලන්තය මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සම ශූරයින් ලෙස නම් කිරීම වඩාත් සුදුසු බව ලෝක ශූර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකයා වූ අමාත්‍ය අර්ජුන රණතුංග පවසනවා. ඔහු කියා සිටියේ මෙවර තරගාවලියේ අවසන් මහා තරගය, ලෝක කුසලාන ක්‍රිකට් ඉතිහාසයේ තමා දුටු හොදම තරගය බවයි. 

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ලකුණු සමවී නිම වීමෙන් පසු ක්‍රියාත්මක කළ සුපිරි පන්දු වාරයද ලකුණූ සමවීමත් සමග ලෝක ශූරයින් තීරණය කළේ තරගයේ එල්ල කළ හතරේ සහ හයේ පහර මතයි. එලෙස ලෝක කුසලානයක ශූරයින් තීරණය කිරීමේ නීතිය සුදුසු නොවන බව ලොව පුරා සුපිරි ක්‍රිකට් ක්‍රිඩකයින් රැසක්ද මේ වන විට ප්‍රකාශ කර තිබෙනවා. 

මේ අතර නවසීලන්ත ප්‍රධාන පුහුණුකරු ගැරී ස්ටෙඞ් යෝජනා කර ඇත්තේ එංගලන්තය සහ නවසීලන්තය සම ශූරයින් ලෙස නම් කළ යුතු බවටයි. පන්දුවාර 100ක් ක්‍රිඩා කර සුපිරි පන්දු වාරයද සම වුයේ නම් කණ්ඩායම් දෙකම සම ශූරයින් ලෙස නම් කළ හැකි බව ඔහු ප්‍රකාශ කර තිබෙනවා. ලෝක ශූරයින් හතරේ සහ හයේ පහර මත තිරණය කිරීම ලැජ්ජාවට කරුණක් බවයි නවසීලන්ත නායක කේන් විලියම්සන් ද ප්‍රකාශ කර ඇත්තේ.