Saturday, April 20, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාවට එන බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමෙන් ප්‍රබල ක්‍රිඩක ශකීබ් අල් හසන් ඉවත් කෙරේ

තරංග රුක්ෂාන් ජයසේකර




ශ්‍රී ලංකා සංචාරයට එක්වන බංග්ලාදේශ ක්‍රිකට් සංචිතයෙන් ප්‍රබල ක්‍රීඩක ශකීබ් අල් හසන් ඉවත් කර තිබෙනවා. ඒ, ඔහු ආගමික කටයුත්තකට සහභාගී වීමට තීරණය කර තිබීම හේතුවෙන්. ඉකුත්දා අවසන් වූ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තුන්වන වැඩිම ලකුණු ලාභියා වු ඔහු තරග 08කදී රැස්කළ ලකුණු සංඛ්‍යාව 606ක්.

පන්දු යවන්නෙකු ලෙසද ඔහු කඩුළු 11 බිද හෙලුවා. ශකීබ් අල් හසන්ට අමතරව බංග්ලාදේශ ලෝක කුසලාන ක්‍රිකට් සංචිතයේ සිටි ලිටන් දාස් සහ අබු ජයෙඞ් ද ශ්‍රී ලංකා සංචාරයෙන් ඉවත් කිරීමටයි තීරණය කර ඇත්තේ. ශ්‍රී ලංකා - බංග්ලාදේශ ක්‍රිකට් තරගාවලිය ලබන 26වනදා ආරම්භ වනවා.