Thursday, April 25, 2024

General line - 0115112241

අර්ධ චන්ද්‍රග්‍රහණය ශ්‍රී ලංකාවට දිස්වීම අද මධ්‍යම රාත්‍රියෙන් පසු

තරංග රුක්ෂාන් ජයසේකර




ශ්‍රී ලංකාවට දිස්වන අර්ධ චන්ද්‍රග්‍රහණය අද (16) මධ්‍යම රාත්‍රියෙන් පසු ශ්‍රී ලාංකිකයින්ට දැක ගත හැකි බව කොළඹ විශ්ව විද්‍යාලයේ තාරකා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්‍ෂ මහාචාර්ය චන්දන ජයරත්න පවසනවා. එමෙන්ම දීප්තිමත්ම විශාල ග්‍රහලෝක දෙකක් වන බ්‍රහස්පති සහ සෙනසුරු එකවර දිස්වන බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.

මිනිසා ප්‍රථම වරට සඳ මතට ගෙන ගිය ඇපලෝ රොකට් යානය ප්‍රථිවියෙන් දියත් කිරීමේ 50 වන සංවත්සරය යෙදී ඇත්තේ ද අද දිනට වීම විශේෂත්වයක්. ශ්‍රී ලංකාවට අමතරව ඔස්ට්‍රේලියාව, අප්‍රිකාව, දකුණු අමෙරිකාව, යුරෝපය සහ ආසියාවේ බොහෝ රටවලට ද මෙම අර්ධ චන්ද්‍රග්‍රහණය දිස් වනු ඇති.