Saturday, April 20, 2024

General line - 0115112241

පිටි මිල වැඩි කිරීමට එරෙහිව පාරිභෝගික සංවිධාන අධිකරණයට

තරංග රුක්ෂාන් ජයසේකර




තිරිගු පිටි කි්ලෝවක මිල වැඩි කිරීමට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව පාරිභොගික අයිතීන් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන පවසනවා. තිරිගු පිටි මිල වැඩි කිරීම සාධාරණ නොවන බවයි පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය ද ප්‍රකාශ කළේ. මහජන අයිතීන් සුරැකීමේ සංවිධානයේ ජාතික සංවිධායක අසේල සම්පත් ප්‍රකාශ කලේ  පිටි මිල වැඩි කිරීමට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ගයක් ගන්නා බවයි.

තිරිගු පිටි කි්ලෝවක මිල රුපියල් 08කින් ඉහළ දැමීමට ප්‍රිමා සමාගම තීරණය කර තිබෙනවා. එමෙන්ම තිරිගු පිටි මෙරටට ගෙන්වන සෙරන්ඩිබ් සමාගමද පැවසුවේ තම සමාගමද තිරිගු පිටි කි්ලෝවක මිල අද සිට රුපියල් 07කින් ඉහළ දමන බවයි.
මේ අතර තිරිගු පිටි මිල වැඩි කිරීම සම්බන්ධයෙන් හෙට දිනයේ තීරණයක් ගන්නා බවයි බේකරි හිමියන් ප්‍රකාශ කලේ.