Tuesday, April 23, 2024

General line - 0115112241

අද සිට වැසි තත්ත්වයේ වැඩි වීමක්

තරංග රුක්ෂාන් ජයසේකර




අද සිට ලබන 19වනදා තෙක් දිවයිනේ නිරිත දිග කොටසට වැසි හා සුළං තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඇතැම් ප්‍රදේශවලට මිලි මීටර් 100 ඉක්ම වූ තද වැසි ද ඇති විය හැකි බවයි ප්‍රකාශ කෙරුණේ.

සබරගමුව, මධ්‍යම, බස්නාහිර, දකුණ සහ වයඹ යන පළාත් වලටත් අම්පාර සහ මඩකළපුව යන දිස්ත්‍රික්කවලටත් ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියා සිටියා. එමෙන්ම වයඹ, බස්නාහිර සහ දකුණු වෙරළ බඩ ප්‍රදේශ වලට තරමක තද සුළං ද ඇති විය හැකි හැකියි.