Saturday, April 20, 2024

General line - 0115112241

සිංගප්පූරු අගමැති සමග කළ පෞද්ගලික සාකච්ඡාව ගැන ජනපති කියයි




මහ බැංකු බැදුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් දිවයිනට ගෙන්වා ගැනීම සඳහා තමන් සිංගප්පූරු අග‍්‍රාමාත්‍යවරයා සමග පෞද්ගලිකව සාකච්ඡා කර ඇති බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසනවා.

ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ බදුරලිය, පැළෑද රජමහා විහාරස්ථානයේ පැවති උත්සවයකට එක්වෙමින්.

මේ අතර රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහා සංඝරත්නය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පළ කළ ප‍්‍රකාශය සම්බන්ධයෙන්ද ජනාධිපතිවරයා මෙහිදී අදහස් පළ කළා.

එහිදී කියා සිටියේ "අගමැතිතුමා ඒ රාජ්‍ය ඇමතිවරයාගෙන් නිදහසට කරුනු විමසන්න කටයුතු කරලා තියෙනවා. ඇමතිවරයෙක්ද? රාජ්‍ය නිලධාරියෙක්ද?.. මොන මට්ටමේ කෙනෙක් වුවත් මහා සංඝරත්නයට නින්දා අපහාස කරනවා නම් ඒවා කිසි විටෙක අනුමත කරන්නේ නෑ." යනුවෙනි.