Thursday, April 25, 2024

General line - 0115112241

තිරිගු පිටි මිල වැඩි කළේ කෙසේදැයි හෙළිවෙයි

සජිත් තිලකරත්න




තිරිගු පිටි මිල ඉහළ නැංවීම සම්බන්ධයෙන් පි‍්‍රමා සමාගම පාරිභෝගික සේවා අධිකාරියෙන් කිසිඳු අවසරයක් ගෙන නොමැති බව නෙත් නිවුස් කළ සොයා බැලීමකදී අනාවරණය වුණා. එහි ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයෙකු සඳහන් කළේ මිල වැඩි කිරීම සම්බන්ධයෙන් කිසිදු ඉල්ලීමක් හෝ ඉදිරිපත් නොවු බවයි. මිල වැඩි කිරීම සඳහා පි‍්‍රමා සමාගමට ජීවන වියදම් කමිටුවෙන් හෝ අවසරයක් ලැබී නොතිබු බවයි නෙත් නිවුස් කළ සොයා බැලීමකදී අනාවරණය වුණේ.

පි‍්‍රමා සමාගමට අමතරව සෙරන්ඩිබ් සමාගමද ඊයේ සිට තිරිගු පිටි මිල වැඩි කළා. පි‍්‍රමා සමාගම තිරිගු පිටි කිලෝවක මිල වැඩි කළේ රුපියල් 08කින්. සෙරන්ඩිබ් සමාගම තිරිගු පිටි කිලෝවක මිල රුපියල් 07කින් ඉහළ දමුණු ලැබුවා. මිල වැඩි කිරීම සඳහා මීට පෙර සෙරන්ඩිබ් සමාගම ජීවන වියදම් කමිටුවෙන් ඉල්ලීමක් කර තිබුණා. එහෙත් ඔවුන්ටද ඒ සඳහා ජීවන වියදම් කමිටුව අවසරයක් ලබා දී නොතිබු බවයි නෙත් නිවුස් කළ සොයා බැලීමකදී වැඩිදුරටත් අනාවරණය වුණේ.

පී‍්‍රමා සමාගම සහ සෙරන්ඩිබ් සමාගම අවසරයකින් තොරව තිරිගු පිටි කිලෝවක මිල වැඩි කිරීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය තීරණයක් ගතයුතු බවයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පැවසුවේ. එහි සභාපති රංජිත් විතානගේ මේ බව පෙන්වා දෙනවා.