Saturday, April 20, 2024

General line - 0115112241

පොලිසියේ දෙන්නෙකුට පහරදුන් පුද්ගලයා අල්ලයි




දොඩංගොඩ, බොම්ඹුවල, තිත්තවැල්ල ප‍්‍රදේශයේ සූදු පිටියක් වැටලීමට ගිය පොලිස් නිලධාරීන් කණ්ඩායමකට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයෙකු ඊයේ (16) රාති‍්‍රයේ සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම සූදු පිටිය වැටලීමේදී එහි සිටි පුද්ගලයින් සිදුකළ පහරදීමෙන් උප පොලිස් පරීක්‍ෂකවරයෙකු සහ  පොලිස් කොස්තාපල් රියදුරෙකු තුවාල ලැබූ බවයි පොලීසිය සඳහන් කළේ.

ඔවුන් මේ වනවිට කළුතර නාගොඩ රෝහලේ ප‍්‍රතිකාර ලබනවා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ බොම්ඹුවල ප‍්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි පුද්ගලයෙක්. සැකකරු කළුතර මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත අද (17) ඉදිරිපත් කිරීමට නියමිතයි.