Thursday, March 28, 2024

General line - 0115112241

පොලිසිවල දුවන වාහන ගැන දයාසිරිගෙන් අනාවරණයක්

සජිත් තිලකරත්න




දිවයිනේ සියලු පොලිස් ස්ථානවල රථවාහන සම්බන්ධයෙන් ගැටලුවක් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකර පෙන්වා දෙනවා.

ඔහු පෙන්වා දෙන්නේ පොලිස් ස්ථානවල පවතින රථවාහන සඳහා දුම් සහතික, ආදායම් බලපත්‍රය හෝ රක්ෂණ සහතිකය නොමැති බවයි.

හෙතෙම මේ බව සඳහන් කළේ කොළඹ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ අද (17) පැවැති මාධ්‍ය හමුවකදීයි.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකර පෙන්වා දුන්නේ ජනාධිපතිවරයා විසින් පොලිස් නිලධාරීන් සඳහා අනුමත කර ඇති උසස්වීම් ලබා දීමට නොහැකි වී ඇත්තේ මුදල් අමාත්‍යාංශය මගින් ප්‍රතිපාදන වෙන් නොකිරීම නිසා බවයි. ඒ අනුව ඊට හේතු වී ඇත්තේ දේශපාලන ගැටලුවක් බවද සඳහන් කළා.