Thursday, April 25, 2024

General line - 0115112241

රන්ජන් වෙනුවෙන් හැරිසන් මහා සංඝරත්නයෙන් සමාව අයදී

දිල්ශාන් තුෂාර/හර්ෂිකා සංජීවනි




භික්‍ෂූන් වහන්සේට අපහාස වන අයුරින් රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක සිදුකළ ප‍්‍රකාශය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්‍ෂයේ සාමාජිකයෙකු ලෙස තමන් මහා සංඝ රත්නයෙන් සමාව ඉල්ලා සිටින බව අමාත්‍ය පී. හැරිසන් පවසනවා.

අනුරාධපුරයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා කියාසිටියේ අදාළ ප‍්‍රකාශය සම්බන්ධයෙන් විනය පරීක්‍ෂණයක් කි‍්‍රයාත්මක කිරීමට අග‍්‍රාමාත්‍යවරයා විසින් මේ වනවිටත් පියවර ගෙන ඇති බවයි.

ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ අද කැදවා තිබූ මාධ්‍ය හමුවේදී පාර්ලිමේන්තු මන්තී‍්‍ර අරුන්දික ප‍්‍රනාන්දුද මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා.

මේ අතර අදාළ ප‍්‍රකාශය සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායකට එරෙහිව ඉදිරිපත් කර ඇති පැමිණිල්ල කඩිනමින් විභාගයට ගන්නා ලෙස රාවණා බලය සංවිධානයේ ස්වාමීන් වහන්සේ පිරිසක් අද පොලිස් මූලස්ථානයෙන් ඉල්ලීමක් ද කළා.

එහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ එම සංවිධානයේ මහලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් පැවසුවේ රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක අමාත්‍ය ධුරයෙන් හා එක්සත් ජාතික පක්‍ෂයෙන් ඉවත් කළ යුතු බවයි.