Tuesday, April 23, 2024

General line - 0115112241

මඩකලපුවේ ශරියා විශ්ව විද්‍යාලය හිස්බුල්ලාටම පැවරීමේ සූදානමක් ගැන ජවිපෙන් අනාවරණයක්

දිල්ෂාන් තුෂාර/හර්ෂිකා සංජීවනි




අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා, අමාත්‍ය මලික් සමරවික‍්‍රම සහ මුදල් අමාත්‍ය මංගල සමරවීර විසින් බැටිකලෝ කැම්පස් ආයතනය හිටපු ආණ්ඩුකාර එම් එල් ඒ එම් හිස්බුල්ලා වෙත පවරාදීමේ උත්සාහයක නිරත වන බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.

කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්තී‍්‍ර වෛද්‍ය නලින්ද ජයතිස්ස ප‍්‍රකාශ කළේ ආයෝජකයින් සම්බන්ධයෙන් අසත්‍ය ප‍්‍රකාශ සිදුකරමින් අග‍්‍රාමාත්‍යවරයා සහ අදාළ අමාත්‍යවරුන් දෙදෙනා එම උත්සාහයේ නිරත වන බවයි.

මෙරට සම්පත් විදේශිකයින්ට විකිණීමේ සියළු ව්‍යාපෘති පිටුපස සිටින්නේද මෙම පිරිස බවයි මන්තී‍්‍රවරයා එහිදී කියාසිටියේ.