Friday, April 19, 2024

General line - 0115112241

ඉල්ලා අස්වෙන්න - ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරුවන්ට ඇමති හරීන් දැනුම් දෙයි

කසුන් කැළුම්




බංග්ලාදේශය සමග පැවැත්වෙන එක්දින තරගාවලියෙන් පසු ශ‍්‍රී ලංකා ජාතික ක‍්‍රිකට් කණ්ඩායමේ පුහුණු කාර්ය මණ්ඩලයේ සියළු දෙනාට ඔවුන්ගේ ධූරවලින් අස්වන ලෙස ක‍්‍රීඩා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු දැනුම් දී තිබෙනවා.

අමාත්‍යවරයා ඒ සම්බන්ධයෙන් ලිපියක් මගින් කි‍්‍රකට් ආයතනයට දැනුම් දී ඇති බවයි නෙත් ස්පෝර්ට්ස්මන් වෙත වාර්තා වුණේ.

පුහුණුකරුවන් ධුරවලින් ඉවත්වීමෙන් පසු ඔවුන්ගේ කොන්ත‍්‍රාත්තු පිලිබඳ සලකා බලන ලෙසද අමාත්‍යවරයා කි‍්‍රකට් ආයතනය වෙත යොමු කළ අදාල ලිපියේ සඳහන් බව වාර්තා වුණා.