Friday, March 29, 2024

General line - 0115112241

තැපැල් වෘත්තීය සමිති විෂයභාර ඇමතිගේ සාකච්ඡාවත් වර්ජනය කරයි

දිල්ශාන් තුෂාර/හර්ෂිකා සංජීවනි




විෂයභාර අමාත්‍ය අබ්දුල් හලීම් විසින් කැදවා තිබූ සාකච්ඡුාවට සහභාගි නොවීමට වැඩවර්ජනයේ නිරත තැපැල් වෘත්තීය සමිති තීරණය කර තිබෙනවා.

ඒ, කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවට පොලිස් නිලධාරීන් යෙදවීමට විරෝධය පළ කරමින්. ඊයේ පස්වරුවේ සිට කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ වැඩවර්ජනයක නිරත තැපැල් වෘත්තීය සමිති, අමාත්‍යවරයා විසින් අද පස්වරු 6 ට සාකච්ඡාවක් සදහා කැදවා තිබුණා.

කෙසේවෙතත් අද දහවල් සිට මධ්‍යම තැපැල් හුවමාරුවට පොලිස් නිලධාරීන් යොදවා තිබීම හේතුවෙන් සාකච්ඡාව සදහා සහභාගි නොවීමටයි වෘත්තීය සමිති තීරණය කර ඇත්තේ. 

තැපැල් සේවකයින් ඊයේ පස්වරුවේ සිට මෙලෙස වැඩවර්ජනයක් ආරම්භ කළේ තැපැල් සේවක අයිතිවාසිකම් කප්පාදු කිරීම ඇතුළු කරුණු කිහිපයකට විරෝධය පළ කරමින්.