Friday, April 19, 2024

General line - 0115112241

නිපුණත්වයෙන් සහ දක්‍ෂතාවයෙන් ලොව ජය ගැනීමට ජනපතිගෙන් තරුණ පරපුරට උපදෙස්

හර්ෂිකා සංජීවනි




ලෝකයේ කිසිදු රටකට දෙවනි නොවූ මෙරට පුරාණ තාක්‍ෂණික ශිල්පීය ක‍්‍රම සහ දැනුම ආරක්‍ෂා කර ගනිමින් හෙට දවසේද නිපුණතාවයේ සහ දක්‍ෂතාවයෙන් ලෝකය ජය ගැනීමට තරුණ පරපුර කැප විය යුතු බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසනවා.

ඒ සදහා අවශ්‍ය සෑම පහසුකමක්ම ලබාදෙන බවයි ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළේ. ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මෙම අදහස් පළ කළේ අද පස්වරුවේ කොළඹ බණ්ඩාරණායක සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවති ලෝක තරුණ නිපුණතා දින සැමරුම් උත්සවය අමතමින්.

ශී‍්‍ර ලංකා රජයේ යෝජනාවක් අනුව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නම් කරන ලද තරුණ නිපුණතා දිනය එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් සියළු රටවල් ජූලි 15 වනදා සමරනු ලබනවා.