Thursday, March 28, 2024

General line - 0115112241

අපේක්ෂකයා නම් කල සැණින් නිදහස් පක්ෂයේ පිරිසක් එජාපයට : අමාත්‍ය හැරිසන් කියයි

දිල්ශාන් තුෂාර




එක්සත් ජාතික පක්‍ෂයේ ජනාධිපති අපේක්‍ෂකයා ප්‍රකාශයට පත් කිරීමෙන් පසු ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ බොහෝ දෙනෙකු සිය පක්‍ෂය හා එක්වනු ඇති බව අමාත්‍ය පී හැරිසන් පවසනවා. ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නියෝජිතයින් මේ වනවිටත් සිය පක්‍ෂය සමග සාකච්ඡා පවත්වා ඇති බවයි අමාත්‍යවරයා කියාසිටියේ.

" හුගක් දෙනෙක් සාකච්ජා කරලා තියෙනා එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා නම් කළාට පස්සේ අපිත් එක්ක එකතු වෙන්න. තාම අපේ පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා කවුද කියල තීරණය කරලා නැහැ. ඒ තීරණය කෘත්‍යාධිකාරී මණ්ඩලය සහ අපේ සෙසු පක්ෂ සමග සාකච්ජා කරලා තීරණයක් අරන් ප්‍රකාශයට පත් කරනවා" යැයි මෙහිදී අමාත්‍යවරයා කියා සිටියා.
 

පී. හැරිසන් අමාත්‍යවරයා සිදුකළ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් නෙත් නිවුස් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකරගෙන්ද විමසීමක් කළා. ඔහු කියාසිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නියෝජිතයින් සම්බන්ධ කර ගැනීමට එක්සත් ජාතික පක්‍ෂය පමණක් නොව තවත් පාර්ශව කිහිපයක් උත්සාහ දරමින් සිටින බවයි. එහෙත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ නියෝජිතයින් කිසිදු අවස්ථාවක පක්‍ෂය පාවා නොදෙන බවද ඔහු ප්‍රකාශ කළා.