Saturday, September 19, 2020

Advertising - 0773953664 | General line - 0115112241

මුස්ලිම් විවාහ නීති සම්බන්ධ සංශෝධනයන් ලබන සතියේදී කැබිනට් මණ්ඩලය හමුවට

හර්ෂිකා සංජීවනී

1011Views


 


 

 

 

මුස්ලිම් විවාහ නීති සම්බන්ධයෙන් සකස් කළ සංශෝධිත කැබිනට් පත්‍රිකාව මීලග කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කර අනුමැතිය ලබා ගැනීමට අපේක්ෂා කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ එච් එම් ෆවුසි පවසනවා. අදාළ කැබිනට් පත්‍රිකාව සම්බන්ධයෙන් ඊයේ අග්‍රාමාත්‍යවරයා ද දැනුවත් කළ බවයි ඔහු කියා සිටියේ. 

මුස්ලිම් විවාහ නීති සංශෝධනය කිරීම සම්බන්ධයෙන් මුස්ලිම් මැති ඇමතිවරුන් ඉකුත් දා එකගතාවකට එළඹුණා. කෙසේවෙතත්, මුස්ලිම් කටයුතු අමාත්‍ය අබ්දුල් හලීම් පසුව ප්‍රකාශ කළේ මුස්ලිම් ආගමික නායකයින් එම සංශෝධනවලට විරෝධය කළ කර ඇති බවයි. ඒ අනුව එම සංශෝධනවල යම් වෙනස්කම් කිහිපයක් සිදු කිරීමට කටයුතු කරන බව ද ප්‍රකාශ කෙරුණා. 

ඒ අතරතුරයි අග්‍රාමාත්‍යවරයා හා මුස්ලිම් මන්ත්‍රීවරුන් අතර ඊයේ (17) අරලියගහ මන්දිරයේදී සාකච්ඡාවක් පැවැත්වුණේ. එහිදී මුස්ලිම් විවාහ නීති සංශෝධනය සහ මද්‍රාසා පාසල් සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා දැනුවත් කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ එච් එම් ෆවුසි ප්‍රකාශ කළා. 

මෙවැනි තවත් උණුසුම් සහ සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට Neth FM Viber Group එක හා මෙතනින් එකතු වන්න.Click Here