Thursday, March 28, 2024

General line - 0115112241

අපේක්ෂකයා තේරීමේදී අගමැතිවරයා තනි තීරණයක් නොගත යුතුයි : රාජ්‍ය අමාත්‍ය එරාන් කියයි




ජනාධිපති අපේක්ෂකයා තේරීමේදී පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා තනි තීරණයක් නොගත යුතු බව රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න පවසනවා. රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ කිසිවෙකුගේ බලපෑමට හෝ කැමැත්තට ජනාධිපති අපේක්ෂකයා තේරීම සිදු නොකළ යුතු බවයි. ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ (17) රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඞ් වැඩසටහනට එක්වෙමින්.  

අවස්ථා 02කදී මෙන් මෙවර ද අග්‍රාමාත්‍යවරයා විසින් ජනාධිපතිවරණය සඳහා වෙනත් අපේක්ෂකයෙකු ඉදිරිපත් කරනු ඇති බව මේවනවිටත් ප්‍රකාශ වී ඇති බව ද රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න කියා සිටියා. 

ඊයේ රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් මෙම සම්පූර්ණ වැඩසටහන පහතින් ශ‍්‍රවණය කළ හැකියි.