Friday, April 26, 2024

General line - 0115112241

ලෝක කුසලානය දිනු එංගලන්ත පිලේ පුහුණුකරු ඉවත් වෙයි

දිනුක් හේවාවිතාරණ




ලෝක කුසලානය දිනූ එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු වන ට්‍රෙවර් බේලිස් එළැඹෙන අළු බදුන තරගාවලියෙන් පසු සිය ධුරයෙන් ඉවත්ව යාමට තීරණය කර තිබෙනවා.

එංගලන්ත පිලේ පුහුණුකරු ට්‍රෙවර් බේලිස් සිය ධුරයෙන් ඉවත්ව යාමෙන් පසු ඉන්දියානු ප්‍රිමියර් ලීග් තරගාවලියේ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වශයෙන් කටයුතු කිරීමට නියමිත බවයි එරටින් ලැබෙන වාර්තා සඳහන් කරන්නේ. බේලිස් සන්රයිසස් පිලේ ප්‍රධාන පුහුණුකාර තනතුර භාර ගැනීමත් පෙර වසර 07ක කාලයක් එම කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වශයෙන් කටයුතු කලේ ඕස්ට්‍රේලියානු පුහුණුකරු ටොම් මුඩි.

සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සිටියේ සිය කණ්ඩායම විසින් දීර්ඝ කාලීනව සිදුකළ සිතීමකින් පසුව ට්‍රේවර් බේලිස් සිය කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වශයෙන් පත් කිරීමට තීරණය කළ බවයි. 

කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ පුහුණුකරු වශයෙන් අයිපීඑල් කුසලාන 2 ක් දිනා දීමට සමත්වූ ට්‍රේවර් බේලිස් සිඩ්නි සික්සර්ස් සමඟ බිග් බෑෂ් ලීග් තරගාවලියේ කුසලානය දිනා දීමට සමත්ව තිබෙනවා.