Saturday, April 20, 2024

General line - 0115112241

සිම්බාබ්වේ ක්‍රිකට් අත්හිටවයි

කසුන් කැළුම්




වහාම කි‍්‍රයාත්මක වන පරිදි සිම්බාබ්වේ දේශයේ කි‍්‍රකට් අත්හිටුවීමට ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා. 

ඒ, ලන්ඩන් නුවර පැවති ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලයේ වාර්ෂික සමුළුවේදී ගත් තීරණයකට අනුවයි. සිම්බාබ්වේ කී‍්‍රඩා බලධාරීන් එරට කි‍්‍රකට් නිලවරණය නිදහස් සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලෙස පැවැත්වීමට අපොහොසත්වීම හේතුවෙන් මෙම අත්හිටුවීම සිදුකර තිබෙනවා. සිම්බාබ්වේ කි‍්‍රකට් පරිපාලනයට රජයේ මැදිහත්වීමක් නොමැති බව තහවුරු කිරීමටද එරට කී‍්‍රඩා බලධාරීන් අපොහොසත් වී ඇති බවයි ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය පැවසුවේ. 

මෙම තහනම පැනවීමත් සමග සිම්බාබ්වේ දේශයට ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිල විසින් ලබාදෙන මූල්‍ය ප‍්‍රතිපාදනද අහිමි වනු ඇති. එමෙන්ම ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය විසින් සංවිධාන කරන කි‍්‍රකට් තරගාවලි සදහා එක්වීමේ අවස්ථාවද සිම්බාබ්වේ කණ්ඩායමට අහිමි වන බවයි ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය සදහන් කළේ. මෙම අත්හිටුවීමත් සමග සිම්බාබ්වේ කණ්ඩායමට පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලිය සදහා සුදුසුකම් ලැබීමේ තරගාවලියට එක්වීමේ අවස්ථාවද අවධානමකට ලක්ව තිබෙනවා.