Thursday, April 25, 2024

General line - 0115112241

රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නිවේදනය අසත්‍යයි!




ශ‍්‍රී ලංකා මහබැංකුවට නව අධිපතිවරයෙකු පත්කිරීම සම්බන්ධයෙන් සිය ලිපි ශීර්ෂයෙන් නිවේදන අංක 50 ලෙස ඊයේ (01)නිකුත් කෙරුණු නිවේදනය සාවද්‍ය බව රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා.

 

එහි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය රංග කලංසූරිය මහතාගේ අත්සනින් නිකුත් කෙරුණු නවතම නිවේදනයක දැක්වෙන්නේ අදාළ මුල් නිවේදනය තමන්ගේ හෝ වෙනත් ඉහළ නිලධාරියෙකුගේ අත්සනක් නොමැතිව මාධ්‍ය වෙත නිකුත් කර ඇති බවයි.

 

එවැනි නිවේදනයක් නිකුත් කෙරුණේ කෙසේදැයි ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ සහ ජනමාධ්‍ය ලේකම්වරයාගේ උපදෙස් පරිදි දැනටමත් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි ද ආචාර්ය රංග කලංසූරිය මහතා කියා සිටියා.

 

නිවේදන අංක 50 ලෙස නිකුත් කෙරුණු අදාළ මුල් නිවේදනයේ දැක්වෙන්නේ ශ‍්‍රී ලංකා මහබැංකුවට නව අධිපතිවරයෙකු පත්කිරීම මුදල් අමාත්‍යවරයාගේ නිර්දේශය ලැබීමෙන් පසු අග‍්‍රාමාත්‍යවරයා සමග සාකච්ඡා කර ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් සිදුකරනු ඇති බවයි.

 

මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා දැනට විදේශගතව සිටින නිසා ඔහු ආපසු පැමිණීමෙන් පසු ඔහුගේ නිර්දේශය ලබාගෙන නව මහබැංකු අධිපතිවරයා පත්කෙරෙනු ඇතැයි ද එම නිවේදනයේ දැක්වුණා.

 
නව මහබැංකු අධිපතිවරයෙකු පත්කිරීම සම්බන්ධයෙන් රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ලිපි ශීර්ෂයෙන් ඊයේ නිකුත් කෙරුණු නිවේදනය සාවද්‍ය බව පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යංශය ද පවසනවා.

 

එවැනි කිසිදු නිවේදනයක් රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් හෝ ජනමාධ්‍ය අමාත්‍යංශය විසින් හෝ රජය විසින් අනුමත කර නොමැති බවයි එහි ලේකම් නිමල් බෝපගේ මහතාගේ අත්සනින් නිකුත් කෙරුණු නිවේදනයක දැක්වෙන්නේ.

70800649-0a1a-4a1d-ac07-4c892f5a2b26

c0aaf5c7-cc90-4e39-a529-eddef31357e3

LastScan

සාවද්‍ය බව කියන මුල් නිවේදනය