Thursday, April 25, 2024

General line - 0115112241

ජාතික දැල් පන්දු ක්‍රීඩිකාවන්ගේ ප්‍රකාශයකට ඇමති හරීන්ගේ විරෝධය

කසුන් කැළුම්




මෙවර දැල්පන්දු ලෝක කුසලාන තරගාවලියේ අවසන් ස්ථානය හිමි කර ගන්නා කණ්ඩායම තීරණය කෙරෙන තරගය එංගලන්තයේ ලිවර්පූල්හිදී අද පැවැත්වෙනවා. ඒ සදහා තරග වදින්නේ ආසියානු දැල්පන්දු ශූරයන් වන ශී‍්‍ර ලංකා කණ්ඩායම සහ අනුශූරියන් වන සිංගප්පූරු කණ්ඩායමයි. මෙම තරගය මෙරට වේලාවෙන් පස්වරු 1.25 ට ආරම්භ වනවා. 

ශී‍්‍ර ලංකා දැල්පන්දු කී‍්‍රඩිකාවන් මෙවර දැල්පන්දු ලෝක කුසලාන තරගාවලියේ මේ දක්වා ජය ගෙන ඇත්තේ එක් තරගයක් පමණයි. එම ජයග‍්‍රහණය සිංගප්පූරු කී‍්‍රඩිකාවන්ට එරෙහිව වාර්තා කර තිබීම විශේෂත්වයක්. 

මේ අතර දැල්පන්දු කණ්ඩායමේ කී‍්‍රඩිකාවන් පහසුකම් පිළිබද එංගලන්තයේදී මාධ්‍ය වෙත කළ ප‍්‍රකාශයක් සම්බන්ධයෙන් කි‍්‍රඩා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු සිය කණස්සල්ල පළ කළා.