Thursday, April 18, 2024

General line - 0115112241

එංගලන්තයට ගිය ශ්‍රී ලංකා දැල් පන්දු පිළත් අසාර්ථක වෙයි

තරංග රුක්ෂාන් ජයසේකර




එංගලන්තයේ පැවැති දැල් පන්දු ලෝක කුසලාන තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායම ද අසාර්ථක වුණා. ඒ, තරගාවලියට සහභාගී වූ කණ්ඩායම් 16 ක් අතරින් 15 වන ස්ථානයට පත් වෙමින්. මෙවර තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම අත් කර ගත්තේ ජයග්‍රහණ 02ක් පමණයි. ඒ, සිංගප්පූරු කණ්ඩායමට එරෙහිවයි. 

15 වන ස්ථානය වෙනුවෙන් අද (19) පැවැති තරගය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම විසින් සිංගප්පූරු කණ්ඩායම ගෝල 78 ට 57 ක් පරාජයට පත් කළා. මෙවර තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම අසාර්ථක වුවද, තරගාවලි වාර්තාවක් බිහි කිරීමට ශ්‍රී ලංකාවේ තර්ජනී සිවලිංගම් ක්‍රීඩිකාව සමත්වීම විශේෂත්වයක්.

ඒ, මෙවර තරගාවලියේ, තරගයකදී ක්‍රීඩිකාවක් වාර්තා කළ වැඩිම ගෝල සංඛ්‍යාවේ වාර්තාව බිහිකරමින්. අද තරගයේ ශ්‍රී ලංකා පිල වාර්තා කළ ගෝල 78 න් 77 ක්ම වාර්තා කළේ තර්ජනී සිවලිංගම් ක්‍රීඩිකාවයි.