Friday, April 19, 2024

General line - 0115112241

වැසි තත්ත්වය තවදුරටත්

දිල්ශාන් තුෂාර




දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් අපේක්‍ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. 

මධ්‍යම, බස්නාහිර සහ සබරගමුව යන පළාත්වල වැසි තත්ත්වයේ වැඩිවීමක්ද අපේක්‍ෂා කළ හැකියි. මධ්‍යම කදුකරකයේ බටහිර බෑවුම් ප‍්‍රදේශයට සහ සබරගමුව පළාතේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ක පමණ තද වැසිද අපේක්‍ෂා කළ හැකි බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ. මේ, ඒ පිළිබද කරුණු දක්වන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් අතුල කරුණානායක,

දිවයිනේ බස්නාහිර, නිරිත දිග සහ දකුණු වෙරළබඩ තීරවල සුළගේ වේගය පැයට කිලෝමීටර 70 ත් 80 ත් දක්වා වැඩි විය හැකි බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ. මේ හේතුවෙන් එම මුහුදු ප‍්‍රදේශවල හෙට පෙරවරුව වන තෙක් ධිවර හා නාවික කටයුතුවලින් වැළකී සිටින ලෙසද මෙහිදී ඉල්ලීමක් කෙරුණා.