Friday, April 26, 2024

General line - 0115112241

බටහිර ආසියානු බේස් බෝල් ශුරතාවය ශ්‍රී ලංකාවට

කසුන් කැලුම්




අවසන් මහා තරගයේදී පාකිස්ථානය ලකුණු 5 ට 4 ක් ලෙස පරාජය කරමින් ශ්‍රී ලංකාව බටහිර ආසියානු බේස්බෝල් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට අද (20) සමත් වුනා. මෙම තරගය දියගම ජපන් - ශ්‍රී ලංකා මිත්‍රත්ව බේස්බෝල් ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණා.

ඉන්දියාව, පකිස්ථානය, ඉරානය, නේපාලය, බංගලාදේශය සහ ශ්‍රී ලංකාව  අතර මෙම තරගාවලිය පැවැත්වුනා. තරගාවලියෙන් ජය ගත් ශ්‍රී ලංකා බේස් බෝල් කණ්ඩායම චීනයේ පැවැත්වෙන ආසියා බේස්බෝල් තරගාවලියට සුදුසුකම් ලබා ගත්තා.