Tuesday, March 19, 2024

General line - 0115112241

ගල් පරයේ සිරවූ නැවේ ඉන්ධන ඉවත් කිරීමට බාධා

රවීන්ද්‍ර චන්ද්‍රලාල්




ගාල්ල, රූමස්සල කඳු වැටිය ආසන්නයේ ගල් පර්වතයක වැදී සිරවී ඇති භාණ්ඩ ප්‍රවාහන නෞකාවේ ඉන්ධන ඉවත් කර ගැනීමේ කටයුතුවලට අද (20) කාලගුණික බාධා ඇතිවුණා. බාධා මධ්‍යයේ වුවද, මූලික කටයුතු සිදු කෙරුණු බවයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති රියර් අද්මිරාල් රෝහණ පෙරේරා පැවසුවේ.

අදාළ නෞකාව නම් කර ඇත්තේ ග්ලෝරි ටූ ගෝ ලෙසයි. ඉන්ධන ටොන් 15 ක් පමණ එහි ඇති බවට වාර්තා පළවනවා.