Tuesday, March 19, 2024

General line - 0115112241

ඡන්ද නාම ලේඛණය සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය




කිසියම් වසරක ඡන්ද හිමි නාම ලේඛණයක් ප්‍රතිශෝධනය කර සහතික කිරීමෙන් පසු ඊළග වර්ෂයේදී ඡන්ද හිමි නාමලේඛණය ප්‍රතිශෝධනය ආරම්භ කරන තෙක් කාලයේදී වයස අවුරුදු 18 සහ සෙසු අවශ්‍යතා සම්පූර්ණ කරන තැනැත්තන්ට ඡන්ද අයිතිය ලබා දීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

ඊට අදාළව 1980 අංක 44 දරණ ඡන්ද හිමියන් ලියාපංදිංචි කිරීමේ පනත සංශෝධනය කෙරෙනු ඇති. එහි කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කළ යුතු වන අතර පසුව පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කළ යුතු වනවා. මෙම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතායි.

මේ අතර 1988 අංක 68 දරණ පොහොර විධිමත් කිරිමේ පනත සංශෝධන කිරීමට ද කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. කාලීන අවශ්‍යතා අනුව පොහොර විශ්ලේෂණය කළ යුතු කාර්යය පටිපාටිය ඒ සඳහා වූ රසායනාගාර සහය ලබා ගැනීම, පොහොර ප්‍රමිතිකරණය සහ දණ්ඩන මුදල් මේ යටතේ සංශෝධනය කෙරෙනු ඇති. අදාළ යෝජනාව ඉදිරිපත් කර තිබුණේ කෘෂිකර්ම අමාත්‍ය පී හැරිසන් විසින්.