Tuesday, March 19, 2024

General line - 0115112241

ලෙඩවීම කල්දමන්නැයි ඇමතිගෙන් තැපැල් සේවකයින්ට ඉල්ලීමක්

හේරත් ඒකනායක - මහනුවර




හෙට (21) මධ්‍යම රාත්‍රියේ සිට අසනීප නිවාඩු වාර්තා කර සිදු කිරීමට සැලසුම් කර ඇති එක් දින වෘත්තීය සමිති අරගලය සම්බන්ධයෙන් නැවත සිතා බලන්නැයි තැපැල් සේවා අමාත්‍ය එම් එච් ඒ හලීම් තැපැල් වෘත්තීය සමිතිවලින් ඉල්ලීමක් කරනවා. මෙම වෘත්තීය සමිති අරගලය සඳහා වෘත්තීය සමිති විසින් පාදක කර ගෙන ඇති ඉල්ලීම් කෙරෙහි දැනටමත් රජයේ අවධානය යොමුව ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ. 

මේ අතර තැපැල් වෘත්තීය සමිති පවසන්නේ විසඳුම් ඉල්ලා සිටිමින් තමන් පෙන්වා දෙන ගැටලු වසරකටත් වඩා වැඩි කාලයක් තිස්සේ දිග්ගැස්සෙන ඒවා බවයි. ඉකුත් වසරේදී දින 16ක අඛණ්ඩ වැඩවර්ජනයක් සිදු කළේ ද, මෙම ගැටලුවලට විසඳුම් ඉල්ලා සිටිමින් බව බවයි තැපැල් හා විදුලි සංදේශ නිලධාරින්ගේ සංගමය පවසන්නේ.  

රට පුරා තැපැල් කාර්යාල 653 ක් සහ තැපැල් පාලන කාර්යාල 40 ක් ක්‍රියාත්මක වනවා. සිය වෘත්තීය සමිති අරගලය හේතුවෙන් මෙම සියලු තැපැල් කාර්යාල සහ පාලන කාර්යාලවල කටයුතු සඳුදා දිනයේ අඩාල වනු ඇති බවයි මෙහිදි වැඩිදුරටත් ප්‍රකාශ කෙරුණේ.