Thursday, April 25, 2024

General line - 0115112241

විද්‍යාව හා තාක්ෂණය මිනිසාගේ යහපත වෙනුවෙන් භාවිත කරන්නැයි ජනපතිගෙන් උපදෙස්




විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ ක්ෂේත්‍රය තුළ ප්‍රමුඛතාව හිමිවිය යුත්තේ මිනිසාගේ විනාශය සඳහා නොව යහපත සඳහා වූ සොයාගැනීම් සඳහා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ “ ශිල්ප සේනා” ප්‍රදර්ශනයේ සමාප්ති උත්සවයට අද (21) පස්වරුවේ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී එක්වෙමින්.

ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාව උගතුන්ගෙන් පිරි රටක් වුවද ඔවුන්ගෙන් ලබාගන්නා ප්‍රයෝජන පිළිබඳ සතුටු විය නොහැකි බවයි. රටක් ගොඩනැගීමට නම් විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ ශක්තිමත් කළ යුතු බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.