Saturday, April 20, 2024

General line - 0115112241

ආරච්චිකට්ටුව මුතුපංතියේ මුහුදු ඛාදනය තව තවත් උග්‍ර වෙයි

ඩිල්ෂාන් මඩවල / ජුඞ් සමන්ත




ආරච්චිකට්ටුව මුතුපංතිය ප්‍රදේශය තවදුරටත් මුහුදු ඛාදනයට ලක්වෙමින් තිබෙනවා. එහෙත් ඒ සඳහා පැහැදිලි හේතුවක් තවමත් තහවුරු වී නොමැති බවයි එහි ක්ෂේත්‍ර චාරිකාවක නිරත වූ නෙත් නිවුස් පුත්තලම වාර්තාකරු ජූඞ් සමන්ත පැවසුවේ. 

මේ අතර මුහුදු ඛාදනයට ලක්වු හලාවත කුරුසපාඩුව ප්‍රදේශයේ පවුල් 52ක් එම ප්‍රදේශයෙන් ඉවත් කර ඇතැයි ද නෙත් නිවුස් වාර්තාකරු ජූඞ් සමන්ත පැවසුවා. ඔවුන් කිසිවෙකුට කුරුසපාඩුව ප්‍රදේශයේ පදිංචිව සිටි ස්ථාන සඳහා හිමිකමක් නොමැති බවද මෙම ක්ෂේත්‍ර චාරිකාවේදී හෙළි වූ බවයි ඔහු පැවසුවේ. ඒ අනුව අහිමි වන ස්ථාන වෙනුවෙන් විකල්ප ස්ථාන හෝ වන්දි ඔවුන්ට ලැබෙනු ඇත්දැයි පවතින්නේ ද සැකයක්.