Friday, March 29, 2024

General line - 0115112241

හොංකොං හී සිවිල් වැසියන්ට ප්‍රහාරයක්

පවිත්‍රා මදුහර්ෂනී - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




සන්නද්ධ පුද්ගලයින් පිරිසක් විසින් හොංකොං රාජ්‍යයේ යුඒන් ලෝන්ග් නුවර පිහිටි දුම්රිය ස්ථානයක සිටි මගීන් ඉලක්ක කර ප‍්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

ප‍්‍රහාරවලින් පුද්ගලයින් 36 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරුවෙමින් පවතින සිද්ධියේ ඇතැම් දර්ශනවල ඇතුළත් පරිදි මෙලෙස පහරදීම් සිදු කරන්නේ එක හා සමාන සුදු පැහැ කමිසවලින් සැරසී මුහුණු ආවරණ පැළඳ ගත් පුද්ගලයින් පිරිසක්.  ඔවුන් විරෝධතාකරුවන්ට සමාන පිරිසක් ලෙස ද දිස්වනවා.

කෙසේවෙතත්, බැටන් පොලූ අතැතිව සිටින එම පුද්ගලයින් දුම්රිය ස්ථානය තුළ, වේදිකාව තුළ සහ දුම්රිය ස්ථානයේ නවතා තිබූ දුම්රිය මැදිරිවල සිටින සිවිල් වැසියන් හට දැඩි ලෙස පහර දෙන අයුරු එම දර්ශනවල ඇතුළත්. ප‍්‍රහාරය එල්ල කරන පිරිස කවුරුන්ද යන්න හෝ එම ප‍්‍රහාරය මෙහෙයවූයේ කවුරුන්ද යන්න මෙතෙක් අනාවරණ වී නැහැ. එහෙත්, ප‍්‍රහාරය එල්ල වී තිබුණේ රජයට එරෙහි විරෝධතාවක් සිදු කළ විරෝධතාකරුවන් පිරිසක් විසුරුවා හැරීමට පොලීසිය විසින් කඳුළු ගෑස් ප‍්‍රහාරයක් එල්ල කිරීමෙන් පසුවයි.