Friday, April 19, 2024

General line - 0115112241

වෛද්‍ය සාෆිගේ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීමට දින දෙයි

අධිකරණ වාර්තාකරු




අයථා ආකාරයට දේපළ උපයා ගැනීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය සාෆි ශිහාබ්ඩීන්  ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම අගොස්තු මස 06 වැනිදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (22) දින ලබා දුන්නා.

මෙම පෙත්සම අද විනිසුරු බුවනෙක අලුවිහාරේ ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවු අවස්ථාවේ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ පවසා සිටියේ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙසට නම් කර ඇති අනෙකුත් වගඋත්තරකරුවන් සම්බන්ධයෙන් උපදෙස් ලබා ගැනීමට අවශ්‍ය බවයි.

මේ අතර ඇතැම් වගඋත්තරකරුවන් වෙත නොතීසි ලැබී නොමැති බැවින් ශ්‍රේෂ්ඨාධිකරණය අද යළි නොතීසි නිකුත් කරන ලදී.

රැදවුම් භාරයෙන් තමා නිදහස් කිරීමට අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසට මෙම පෙත්සමෙන් පෙත්සම්කරුවන් වන නීතිඥ රුෂ්ඩි හබීබ් සහ වෛද්‍ය සාෆි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටි.

පොලිසිය විසින් වෛද්‍ය සාෆි අත්අඩංගුවට ගැනීමට පදනම් කර ගෙන ඇති චෝදනා අසත්‍ය සහ පදනම් විරහිත බව පෙත්සම්කරුවන් පවසා සිටිනවා.

ඒ අනුව ඔහු අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම නීතිවිරෝධී බවට ප්‍රකාශයට පත් කරන ලෙසට පෙත්සම්කරුවන් ඉල්ලා සිටිනවා. මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙසට කුරුණෑගල පොලිස් ස්ථානාධිපතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අධ්‍යක්ෂවරයා, වැඩබලන පොලිස්පතිවරයා නම් කර තිබෙනවා.