Tuesday, August 20, 2019
Hotline - 0770586666

තවත් 13ක් කැඳවීමට යයි

ලහිරු කපුගේ

741Views

 

 

 

පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සාක්ෂි විමසීමේ කටයුතු මෙම මාසයේදී අවසන් කිරීමට අපේක්ෂා කරන බව එහි නියෝජිතයෙකු වන පාර්ලිමේන්තු මන්තී‍්‍ර නලින්ද ජයතිස්ස පවසනවා.

නෙත් නිවුස් කළ විමසීමකදී මන්තී‍්‍රවරයා ප‍්‍රකාශ කළේ කාරක සභාව මේ වනවිට 20 දෙනෙකුගෙන් පමණ සාක්ෂි විමසා අවසන් කර ඇති බවයි. තවත් 13 දෙනෙකු පමණ සාක්ෂි ලබා දීම සඳහා කැඳවීමට නියමිත බවයි ඔහු කියා සිටියේ.

ඒ අනුව සාක්ෂි විමසීමේ කටයුතු මෙම මාසයේදී අවසන් කර කාරක සභාවේ අවසන් වාර්තාව අගෝස්තු මාසයේදී නිකුත් කිරීමට පියවර ගන්නා බව ද නලින්ද ජයතිස්ස මන්තීි‍්‍රවරයා ප‍්‍රකාශ කළා. 

පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අනිද්දා (24) යළි රැස්වීමට නියමිතයි. ආරක්ෂක ප‍්‍රධානීන් කිහිප දෙනෙකු එදිනට කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදීමට නියමිතයි.