ඉන්දුනීසියාවේ ඉකුත් වසරේ පැවති ආසියානු පැරා කී‍්‍රඩා උළෙලේ පදක්කම් දිනූ කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට අද මුදල් ත්‍යාග පිරිනැමෙනවා. ඒ කී‍්‍රඩා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දුගේ ප‍්‍රධානත්වයෙන් කී‍්‍රඩා අමාත්‍යංශයේදීයි.
මෙම කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් දිනූ පදක්කම් වෙනුවෙන් මුදල් ත්‍යාග ලබා නොදීම සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදී නෙත් ස්පෝර්ට්ස්මන් අනාවරණ කළා. ඒ සම්බන්ධයෙන් කී‍්‍රඩා අමාත්‍යවරයා ද දැනුවත් කළ අතර ඒ අනුවයි මාස 8කට පසු පදක්කම් දිනූ පැරා කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට අද දිනයේදී මුදල් ත්‍යාගය ලබා දීමට කටයුතු සූදානම් කර ඇත්තේ.
නෙත් ස්පෝර්ට්ස්මන් කළ මැදිහත්වීම හේතුවෙන් අද දිනයේ මෙලෙස ත්‍යාග ලැබීම සම්බන්ධයෙන් ජාතික පැරා ඔලිම්පික් කමිටුවේ උප සභාපති දීපාල් හේරත් ද අදහස් පළ කළා. එහිදී ඔහු කියා සිටියේ ශ්‍රී ලංකාවේ මෙවැනි දක්ෂතාවයක් දැක්වීමට හැකි වූයේ පළමු වතාවට බවයි.
03 වන වරට පැවති මෙවර ආසියානු පැරා කී‍්‍රඩා උළෙලේදී ශී‍්‍ර ලංකාව රටවල් 42ක් අතරින් පදක්කම් සටහනේ 14 වන ස්ථානය දිනා ගත්තා. ඒ පදක්කම් 14ක් දිනා ගනිමින්.