Saturday, April 20, 2024

General line - 0115112241

රුසියානු හමුදා ගුවන් යානයකට දකුණු කොරියාව වෙඩි තබයි

තරංග රුක්ෂාන් ජයසේකර




රුසියාවට අයත් ඒ 50 නම් වූ හමුදා ගුවන් යානයකට දකුණු කොරියානු ආරක්‍ෂක අංශ අනතුරු ඇගවීමේ වෙඩි ප්‍රහාර එල්ල කර තිබෙනවා. ඒ, දකුණු කොරියානු ගුවන් සීමාවට අදාළ ගුවන් යානය පැමිණීමත් සමගයි.

දකුණු කොරියාව පවසන්නේ රුසියානු ගුවන් යානය සිය ගුවන් සීමාව උල්ලංඝණය කළ බවයි. කෙසේවෙතත් රුසියාව අදාළ චෝදනා ප්‍රතික්‍ෂේප කර ඇතැයි විදෙස් මාධ්‍යයන්හි සදහන්. අනතුරු ඇගවීමේ වෙඩි ප්‍රහාර හමුවේ රුසියානු ගුවන් යානය ආපසු හරවා ගොස් තිබෙනවා. රුසියාව සහ දකුණු කොරියාව අතර මෙවැනි සිද්ධියක් ඇති වූ පළමු අවස්ථාව මෙයයි.