Thursday, April 25, 2024

General line - 0115112241

බොරිස් ජොන්සන් බ්‍රිතානයේ නව අගමැති තනතුරට

දිනුක් හේවාවිතාරණ




බ්‍රිතාන්‍යයේ පාලක කන්සවේටිව් පක්ෂ නායකත්වය සඳහා හිටපු විදෙස් ඇමති බොරිස් ජොන්සන් තේරීපත්ව තිබෙනවා. මේ අනුව බ්‍රිතාන්‍යෙය් නව අගමැතිවරයා ලෙසින් බොරිස් ජොන්සන් හෙට(24) දිවුරුම් දීමට නියමිතයි. ඔහු බ්‍රිතාන්‍යයේ 55 වන අගමැතිවරයා බවටයි පත්වන්නේ.

බොරිස් ජොන්සන් එම තනතුර සඳහා තේරීපත්වුණේ පක්ෂ සාමාජිකයන් 92153 ක ගේ ඡන්දයෙන්. එම අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ ජොන්සන් වැඩිදුරටත් පැවසුවේ විපක්ෂයේද සහාය ලබමින් බ්‍රෙක්සිට් වැඩපිළිවෙල සාර්ථක කරගැනීම සිය ස්ථීර අපේක්ෂාව බවයි.

බොරිස් ජොන්සන් ලන්ඩනයේ හිටපු නගරාධිපතිවරයා මෙන්ම තෙරේසා මේ ගේ රජයේ පළමු විදෙස් අමාත්‍යවරයාද වුවා. මේ අතර සිය ධුරයෙන් අගමැතිනී තෙරේසා මේ සිය අවසන් හමුව සඳහා හෙට දිනයේදී එංගලන්තයේ බකිංහැම් මාළිගයේදී දෙවැනි එලිසබෙත් රැජිණ හමුවීමට නියමිතව තිබෙනවා.

එහිදී තෙරේසා මේ සිය ඉල්ලා අස්වීම රැජිණ වෙත භාරදෙනු ඇති අතර ඉන් අනතුරුව බ්‍රිතාන්‍යෙය් මීළග අගමැතිවරයා ලෙසින් බොරිස් ජොන්සන් සිය ධුරයේ දිවුරුම්දෙනු ඇති.