Friday, April 19, 2024

General line - 0115112241

සමුගන්නා මාලිංගට සහ කුලසේකරට ඇමතිගෙන් තෑගි

මහේෂ් චතුරංග




බංග්ලාදේශය සමඟ පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ලසිත් මාලිංග වෙනුවෙන් නම් කරන බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසනවා. මෙම තරගාවලියේ අවසන් තරගය නුවන් කුලසේකර වෙනුවෙන් නම් කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ. 

බංග්ලාදේශය සමඟ පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් පසු ජාත්‍යන්තර එක්දින පිටියෙන් සමුගන්නා බව ලසිත් මාලිංග ප්‍රකාශ කර තිබෙනවා. නුවන් කුලසේකර ද මෙම තරගාවලියෙන් පසු ජාත්‍යන්තර එක්දින පිටියෙන් සමුගනු ඇති බවයි පැවසෙන්නේ. 

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව ව්‍යවස්ථාවට ඉදිරිපත් කළ යෝජනාවලිය පාර්ලිමේන්තුවට අද (23) ඉදිරිපත් කෙරුණා. පක්ෂ භේදයකින් තොරව ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් කටයුතු කිරීම සඳහා මෙම යෝජනාවලිය මෙලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බවයි අමාත්‍ය හරීන් ප්‍රනාන්දු අද පැවති මාධ්‍ය හමුවේදී පැවසුවේ. 

ලෝක කුසලාන තරගාවලියක් ජයගත යුතු නම් ඒ සඳහා සැලසුම් කළ යුත්තේ කලින් පැවති තරගාවලිය පරාජය වූ දිනයේ සිටම බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.