Tuesday, April 23, 2024

General line - 0115112241

ජන සටන පාද යාත‍්‍රාව කිරිබත්ගොඩට ලඟාවෙයි (VIDEO)




ඒකාබද්ධ විපක්ෂයේ ජන සටන පාද යාත‍්‍රාව අද (31) දින ගමනාන්තය වන කිරිබත්ගොඩ නගරයට පැමිණෙමින් සිටිනවා.

මේ වන විට විශාල පිරිසක් පා ගමනට සහභාගී වී සිටින බවත් කඩවත ප්‍රදේශයට ලඟා වෙමින් සිටින බවත් එහි සිටින නෙත් නිවුස් වාර්තාකරු පැවසුවා.

පාද යාත‍්‍රාව අද (31) ආරම්භ වුණේ නිට්ටඹුව නගරයෙන්. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද අද (31) දිනයේ ජන සටන පාද යාත්‍රාවට එක්වුණා.

අද දිනයේදී පාද යාත‍්‍රාව හොරගොල්ල බණ්ඩාරනායක සමාධිය අසලින් ගමන්ගන්නා විට සටන් පාඨ ප‍්‍රකාශ කිරීම නවතා රැගෙන ගිය ධජ පහත් කර නිහඬව ගමන් කිරීමද විශේෂත්වයක්.

jana satana (1) jana satana (2) jana satana (3) jana satana (4) jana satana (5) jana satana (6) jana satana (7) jana satana (8) jana satana (9) jana satana (10) jana satana (11)