Friday, March 29, 2024

General line - 0115112241

කම්කරු නීති රීති වෙනස් කරන පනතක් ගැන පොහොට්ටුවෙන් හෙළිදරව්වක්

මහේෂ් චතුරංග




කම්කරු නීති රීති අහෝසි කිරීමේ සංශෝධන පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ආණ්ඩුව උත්සහ දරණ බව පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි අද (23) අනාවරණ කළා. ඒ, කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. 

මේ අතර එම මාධ්‍ය හමුවට එක්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති, මහාචාර්ය ජී එල් පීරිස් ප්‍රකාශ කළේ වත්මන් ආණ්ඩුවේ අවසන් කාල සීමාවේදී ඉතා ඉහළ පොලියකට ණය ලබා ගැනීමට සැලසුම් කර ඇති බවයි. 

රාජ්‍ය ආයතනවල වියදම් කප්පාදු කරමින් චක්‍රලේඛ නිකුත් කළද ආණ්ඩුවේ ඇතැම් අමාත්‍යංශ විශාල ප්‍රචාරණ ව්‍යාපෘති ක්‍රියාත්මක කරන බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා. 

කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ දී මෙම මාධ්‍ය හමුව පැවැත්වුණා.